08 January 2026

logo

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ගිනි ගනියි



ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක අද (13) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී මෙම ගින්න හටගෙන ඇති බවයි. 

මේ වන විට ගිනි නිවන සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ගින්න මැඩ පැවැත්වීම සඳහා ක්‍රියාකරමින් පවතින බවයි වාර්තා වන්නේ. 

මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියේ තෙල් ටැංකි 3ක් පිලී පැනීමෙන් ඇතිවූ ඉන්ධන කාන්දුවකින් පසුව මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)