20 May 2026

logo

හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට ඇප



නුවරඑළිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇප මත මුදාහැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස අද (22) නියෝග කර තිබෙනවා 

ඒ රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මතයි.

(colombotimes.lk)