08 January 2026

logo

හිටපු ජනපතිවරයෙක් අද අල්ලස් කොමිසම හමුවට



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදු වූ බවට පැවසෙන දූෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව මෙලෙස කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහට දැනුම්දී තිබුණ ද එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදු කළ දැනුම්දීමකින් අනතුරුව අද මෙලෙස පැමිණීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)