මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හැර සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු 03ක් ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව මෙම නඩුකරය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් නඩුකර බහා තබන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
