16 January 2026

logo

ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්



මෙම වසරේදී රජය මැදිහත්ව නිවාස 50,000ක් ඉදිකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ 'රටම එකට' ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමින්.  

තම ආණ්ඩුව යටතේ කිසිඳු දිනක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. 

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය දෙපාර්තමේන්තුවල සිටින ඇතැම් දුර්වල නිලධාරීන් මේ ජාවාරම්කරුවන් සමඟ අත්වැල් බැඳගෙන සිටින බවට අනාවරණය වී තිබෙන බවයි.

ඒ හේතුවෙන් ඉන් ඉවත් වන ලෙසට නැවතත් තමන් ඉල්ලා සිටින බවත් එසේ නොමැතිනම් රාජකාරීවලින් ඉවත් වන ලෙසත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා. 

(colombotimes.lk)