නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවේ විමර්ශන අවසන් අදියරට පැමිණ තිබෙනවා.
මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාතික අධ්‍යාපන ආයතන ප්‍රධානීන් ඇතුළු 6දෙනෙක්ගෙන් ප්‍රකාශද සටහන් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එම පිරිස අතරට ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු අංශය සහ සෝදුපත් කියවන නිලධාරීන් පිරිසක්ද අයත් වනවා.
එමෙන්ම නිමකර ඇති සියලුම මොඩියුල විශේෂ පරීක්ෂණයකට ලක් කිරීම, විද්වත් උපදෙස් ලබා ගැනීම සහ අදාළ මෙඩියුලර් නැවත පූර්ණ සමාලෝචනයකට ලක් කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
