11 July 2025

logo

ඉන්දියාවේ පතලක් කඩා වැටීමෙන් සිව්දෙනෙකු මිය යයි



ඉන්දියාවේ චතිස්ගාර් හි පිහිටා තිබූ යපස් පතලක පාෂාණ කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් හතර දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම තවත් දෙදෙනෙකු තුවාල ලබා කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ ද කම්කරුවන්ගේ දිවි බේරාගැනීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)