21 February 2025


අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අපරාධකරුවන් 04ක් දිවයිනට



විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සහ ඉන්දියාවේ චෙන්නායිහීදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් සිව්දෙනෙක් අද (19) දිවයිනට රැගෙනවිත්  තිබෙනවා.

ශ්‍රී පොලීසිය සඳහන් කළේ මෙම සැකකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙක් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” පළා යාමට සහාය දුන් පොලිස් කොස්තාපල් (PC) රවිඳු සංදීප බවයි.
 
ඔවුන් දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) CID භාරයේ සිටින බවද පොලීසිය සඳහන් කළා.

(colombotimes.lk)