22 February 2025


වනඅලි පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට



අරලගංවිල පොලිස් වසමේ වෙහෙරගම ප්‍රදේශයේදී වන අලියෙක් පහරදීමෙන් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

එමෙන්ම තවත් පිරිමි පුද්ගලයෙක් බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජීවිතක්ෂයට පත් වූ පිරිමි පුද්ගලයා වයස අවුරුදු 72ක් හා කාන්තාව වයස අවුරුදු 75ක් වන වෙහෙරගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරයෙක් හා සහෝදරියක් බව අරලගංවිල පොලීසිය සඳහන් කළා.

(colombotimes.lk)