22 February 2025


විදෙස් ගමන් බලපත්‍ර සැපයීම සම්බන්ධයෙන් දැනුම්දීමක්



පැය 24 එක්දින සේවා විදේශ ගමන් බලපත්‍ර සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක් දින සේවය යටතේ ඉල්ලුම් කරන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනයකම පෙරවරු 6.00 සිට සිකුරාදා මධ්‍යම 12.00 වන තෙක් සිදු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

එම නිවේදනය පහතින්,



(colombotimes.lk)