14 January 2026

logo

ප්‍රංශයත් පලස්තීනය පිළිගනියි



පලස්තීන රාජ්‍යය විධිමත්ව පිළිගත් නවතම රට බවට ප්‍රංශය පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර පැවති සමුළුවකදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ බව නිවේදනය කළ බවයි. 

'සාමය සඳහා කාලය පැමිණ ඇති' බවත්, 'ගාසා තීරයේ සිදුවන යුද්ධය සාධාරණීකරණය කළ නොහැකි' බවත් ඔහු සඳහන් කළා. 

ඔහු කියා සිටියේ බෙල්ජියම, ලක්සම්බර්ග්, මෝල්ටා, ඇන්ඩෝරා, මොනාකෝ සහ සැන් මැරිනෝ යන රටවල් ද පලස්තීන රාජ්‍යය පිළිගන්නා බවයි.

(colombotimes.lk)