13 July 2025

logo

පාසල් හැර යන දරුවන්ට නොමිලේ වෘත්තීය පුහුණුවක්



පාසල් හැර යන දරුවන් නොමිලේ වෘත්තීය පුහුණුවට යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ (19) පෙරවරුවේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන රැස්වීමකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

පාසල් හැරයන දරුවන් පිළිබඳ නිසි දත්ත වාර්තාවක් සකස් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
(colombotimes.lk)