ප්‍රංශ ඇල්ප්ස් කඳුකරයේ අතුරුදහන් වූ කුඩා දරුවෙකු සෙවීමේ මෙහෙයුම් තුන්වන දිනටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
වයස අවුරුදු දෙකහමාරක් වන එමිල් අතුරුදහන් වන විට ඔහුගේ ආච්චි සහ සීයා සමඟ නවාතැන් ගෙන සිට තිබෙනවා.
ඒ අනුව ප්‍රදේශවාසීන් දෙදෙනෙකු විසින් අවසන් වරට ඔහුව දැක ඇත්තේ, කුඩා ගම්මානයක් වන Haut-Ve et හි වීදියක තනිව ඇවිද යන අවස්ථාවේදී බව සඳහන්.
ප්‍රදේශයේ සෝදිසි කටයුතු වල නිරත වන මාක් චප්පුයිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, දරුවා සෙවීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවයි.
නමුත් පැය 48ක් පුරා සිදුකරන ලද මෙහෙයුම් සාර්ථක නොවීම ගැටලු සහගත බවද ඔහු සඳහන් කළා.
මීට අමතරව දරුවා සෙවීමේ කටයුතු සඳහා ගම්වාසීන් ද එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)