02 November 2025

logo

ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පනියි



දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ඒ මීරිගම සහ විල්වත්ත දුම්රිය ස්ථාන අතර ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම හේතුවෙන්.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය පීලීගත කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බවයි.

(colombotimes.lk)