14 October 2025

logo

නාඋයන අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ අවසන් කටයුතු අද



කුරුණෑගල - මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේදී ඩක්කුවක් කඩා වැටීම නිසා අපවත් වූ මෙරට භික්ෂූන් වහන්සේලාගේ අවසන් කටයුතු අද (27) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අනතුරින් අපවත් වූ ඉන්දීය සහ රුමේනියානු ජාතික භික්ෂූන් වහන්සේ දෙනමගේ දේහයන් අද උන් වහන්සේලාගේ මව් රටවල් වෙත වැඩම කරවීමට නියමිතයි.

රුසියානු ජාතික භික්ෂුවගේ දේහය ඉදිරි දිනකදී උන්වහන්සේගේ මව් රට වෙත වැඩම කරවීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. 

මෙම අනතුරෙන් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ දේහ මැල්සිරිපුර සිට නාඋයන ආරණ්‍ය සේනාසනය වෙත ඊයේ (26) පෙරවරුවේ වැඩම කරවනු ලැබුවා.

(colombotimes.lk)