13 June 2026

logo

බොරතෙල් මිල පාලනයට G7 රටවල් හදිසි රැස්වීමක් පැවැත්වීමට සූදානමක්



ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සමඟ සම්බන්ධීකරණය වෙමින් රටවල් සතු හදිසි බොරතෙල් සංචිත ඒකාබද්ධව වෙළඳපොළට මුදාහැරීම පිළිබඳව සාකච්ඡා කිරීමට G7 රටවල මුදල් අමාත්‍යවරු හදිසි රැස්වීමක් පැවැත්වීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙම යෝජනාවට දැනටමත් ඇමරිකාව ඇතුළු රටවල් තුනක් සහයෝගය පල කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සහ බලශක්ති අර්බුධයට විසඳුම් සෙවීම එම පියවරේ අරමුණ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)