රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික්කයේ වෛද්‍ය ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවයි.
අම්පාර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පරිපාලනය විසින් අත්තනෝමතික ලෙස වෛද්‍ය මාරුවීම් සිදු කිරීමට විරෝධය පළකරමින් මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම දිස්ත්‍රික්කය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය සඳහන් කළේ මෙතෙක් අදාළ ගැටලුව සඳහා රජයේ අවධානය යොමු වී නොමැති බැවින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද (07) දිනයේ තීරණය කරන බවයි.
(colombotimes.lk)