01. ශ්‍රී ලංකාවේ නිල සංචිතවල වර්ධනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින් ඉහළ ගොස් තිබෙනවා.
අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 6.17ක් ලෙස සටහන් වී තිබෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම එය සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.24ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
02. ප්‍රවීණ ගායන ශිල්පිනියක් දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මිය යන විට 82වන වියේ පසුවුණා.
චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය ප්‍රවීණ ගායන ශිල්පිනියක, ගුවන් විදුලි හඬ කැවීම් ශිල්පිනියක මෙන්ම වේදිකා නාට්‍ය ශිල්පිනියක ලෙසද කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ, මල් කෙල්ලක් මං, ලතා මඩුල්ලක් කථා කරනවා, අක්ක නගාලගෙ බොළඳ සිනා ආදී ගීත රැසක් ඇය විසින් ගායනා කර තිබෙනවා.
03. පියල් මනම්පේරි යළි රිමාන්ඩ්
මිද්දෙනිය ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පියල් මනම්පේරි තවදුරටත් රක්ෂිත බන්ධාගාරගත කර තිබෙනවා.
ඒ ඔක්තෝබර් 22වනදා දක්වායි.
වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.
04. බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව
ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමට හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
එය 2025 නොවැම්බර් 30වන දින සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළා.
05. ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති පත්වෙයි
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති ලෙස පවිත්‍ර ප්‍රනාන්දු තේරී පත් වී තිබෙනවා.
ඒ අද (08) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති නිලවරණයේදීයි.
සංශෝධිත නව රෙගුලාසි යටතේ මෙවර නිලවරණය පවත්වා තිබෙනවා.
රග්බි සම්මේලනය ඊයේ (07) පස්වරුවේ නිවේදනය කළේ ඊට එරෙහිව පැවති අධිකරණ ක්‍රියාදාමයන් අවසන් වූ බැවින් නිලවරණය බාධාවකින් තොරව පවත්වන බවයි.
(colombotimes.lk)