රත්මලාන ගුවන්තොටුපොළට පහසුකම් සංකීර්ණයක් ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන්තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස 2019-09-17වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීම සිදු කර ලංසුකරුවන් 09දෙනෙක් විසින් සිය ලංසු ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)