හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය (වර්තමානයේ අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්) වන සෙපාලිකා සමන් කුමාරි ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
සැකකාරිය රුපියල් මිලියනය බැගින් වූ ශරීරය ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)