09 October 2025

logo

ඉක්වදෝර ජනපතිගේ මෝටර් රථයට ගල් මුල් ප්‍රහාරයක්



ඉක්වදෝර ජනපතිගේ Daniel Noboaගේ මෝටර් රථයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 500කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් ඔහුගේ මෝටර් රථය වට කර එම ප්‍රහාර එල්ල කළ බවයි.

ඩීසල් සහනාධාර ඉවත් කිරීමට රජය ගත් තීරණයත් සමඟ මීට දින 16කට පෙර එරට එම විරෝධතා ආරම්භ කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා එරට කන්යාර් පළාතේ පැවති ජල පිරිපහදු කිරීම සහ අපද්‍රව්‍ය පිළිබඳ උත්සවයක් වෙත ගමන් කරමින් සිටයදී එම ප්‍රහාරයට මුහුණ දුන් බවයි. 

කෙසේ නමුත් එම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදු වී නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 05දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)