colombotimes.lk
සිංහල | English

08 September 2024


LPL GM vs DS | ගාල්ලට සුපිරි ජයක්



2024 LPL තරගාවලියේ Dambulla Sixers කණ්ඩායමට එරෙහිව පැවති තරගය සුපිරි පන්දුවාරයකින් ජයග්‍රහණය කිරීමට Galle Marvels කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla Sixers කණ්ඩායමද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගත්තේ ලකුණු 148ක් පමණයි.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කෙරුණා.

එහිදී පළමුව පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායමට කඩුලු 2ක් දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 6ක් පමණයි.

ඒ අනුව සුපිරි පන්දුවාරයේදී Galle Marvels කණ්ඩායමට ලකුණු 7ක ඉලක්කයක් හිමි වූ අතර පන්දු 4ක් පමණක් වැය කරමින් ඔවුන් තරගයේ ජය හිමි කරගත්තා.
(colombotimes.lk)