22 December 2025

logo

මෙරට වායු ගුණාත්මකභාවය ගැන අනාවරණයක්



දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය මේ වන විට 150ත් 200ත් අතර අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන පවසනවා.
 
ඔහු කියා සිටියේ වායු ගුණාත්මකභාවය පහළයාමක් පසුගිය දිනවලදී නිරීක්ෂණය වූ බවත් එය ගෙවුණු පැය 24 තුළ ද දැකගත හැකි වූ බවයි. 

මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම සංවේදී පුද්ගලයන්ට අහිතකර තත්ත්වයක් විය හැකි අතර හුස්මගැනීමේ අපසුතාවයක් හෝ යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟ මේ තත්ත්වය ඇති වන බවයි.

මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාමට මිනිස් ක්‍රියාකාරකම් ද බලපාන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)