22 December 2025

logo

මහනුවරට සහ නුවරඑළියට තවදුරටත් නායයාම් රතු නිවේදන



මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක් සඳහා නිකුත් කළ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

එම සංවිධානය සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මැදදුම්බර සහ මිණිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, මතුරට, හඟුරන්කෙත සහ වලපෙනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙසේ අදියර තුන යටතේ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි. 

බදුල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ද නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසාලි හේමසිංහ සඳහන් කළා.


(colombotimes.lk)