22 December 2025

logo

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරය ගැන විශේෂ දැනුම්දීමක්



ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හෙට (23) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ නියෝජිතයෙක් ලෙස පැමිණෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පශ්චාත් ආපදා ප්‍රතිසාධන සැලැස්ම සඳහා සහය දැක්වීම සඳහා ඔහු මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. 

ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන විශේෂ සහයෝගීතා පැකේජයක් අමාත්‍යවරයා විසින් මෙහිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

(colombotimes.lk)