20 May 2025


ගාසා තීරයේ වැසියන් දැඩි අර්බුදයක



ගාසා තීරයේ ජීවත් වන ජනතාව මේ වන විට පානිය ජලය සහ ආහාර සපයා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධාන පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෆා දේශ සීමාව හරහා ආහාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළු කිරීම තහනම් කිරීම හේතුවෙන් මෙම ගැටලුව උග්‍ර වී ඇති බවයි.

මේ හේතුවෙන් ගාසාහි වැසියන් කාණුවල තිබෙන ජලය පානය කිරීමට සහ සතුන්ගේ කෑම ආහාරයට ගැනීම සිදු කරන බවයි වාර්තා වන්නේ. 
(colombotimes.lk)