04 August 2025

logo

ගංජා වැවීමට නීතිමය අවසරය ළඟදීම



ඖෂධීය පැළෑටියක් ලෙස ගංජා වගා කිරීම නීතිගත කිරීමේ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. 

ඖෂධීය පැළෑටියක් ලෙස ගංජා වගා කිරීමට අනුමැතිය ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේ. 
 
ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ 2027 න් පසු ආයුර්වේද ඖෂධ පැළෑටි අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම තහනම් කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවත් එය ශ්‍රී ලංකාවේ දේශීය හා ආයුර්වේද පිළිවෙත්වලට තර්ජනයක් වන බවත් ඉන්දියාව නිවේදනය කර ඇති බවයි.
(colombotimes.lk)