08 January 2026

logo

අපරාධවලට සම්බන්ධ තවත් පුද්ගලයන් 27ක් අත්අඩංගුවට



දිවයින පුරා සිදු කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධවලට සෘජුවම සම්බන්ධ වූ තවත් පුද්ගලයන් 27දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

පොලීසිය සඳහන් කළේ මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (05) සිදු කළ බවයි.

එහිදී පුද්ගලයින් 28,636දෙනෙක් පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
 
එමෙන්ම විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයන් 548දෙනෙක් සහ වරෙන්තුකරුවන් 142දෙනෙක් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයන් 421දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
එමෙන්ම අපරික්ෂාකාරී රිය පැදවීම්වලට අදාළව අත්අඩංගුවට ගැනීම් 41ක් සිදු කර තිබෙනවා.

එමෙන්ම රථවාහන වෙනත් වැරදි 4585ක් වාර්තා වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)