05 December 2024


ඉදිරි වසර පහේ රජයේ ඉලක්කය ජනපති පහදයි



ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවති සාකච්ඡාවේදීයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජයේ එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහය අත්‍යවශ්‍ය බවයි.

එමෙන්ම රට සංවර්ධනය කරා ගෙන යන රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට නම් රාජ්‍ය පරිපාලනය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බවද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)