ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,648ක් දක්වා ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (06) උදෑසන 8.00ට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් 7,000කින් ඉහළ ගොස් ඇති අතර කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 363,400ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඊයේ (05) රුපියල් 388,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද (06) රුපියල් 395,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
(colombotimes.lk)
