ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබාදී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර දී ඇත්තේ කොන්දේසි යටතේ බවයි.
ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීයි.
ආනයනය කරන ලද වාහනවලින් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත් ආනයනයට අදාළ අවසරය අත්හිටුවන බව එහිදී නිලධාරීන් සඳහන් කළා.