06 March 2025


මර්වින් සිල්වා රිමාන්ඩ්



හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනා මාර්තු 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර  මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇතුළු එම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.

(colombotimes.lk)