06 March 2025


ගොවීන්ගේ ජල ගැටලුවට මෙවර අයවැයෙන් විශාල මුදලක්



මෙවර අයවැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කළ ප්‍රතිපාදන ඉදිරි මාස 08 තුළ පූර්ණ හා ඵලදායී ලෙස යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට පෙන්වා දී තිබෙනවා.

ඒ වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වන ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙවර අයවැයෙන් වාරි කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බවයි.

(colombotimes.lk)