06 March 2025


යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්



යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා.

ඒ යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

එහිදී යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින පොහොර අවශ්‍යතාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

අපහසුතාවකින් සහ බාධාවකින් තොරව ගොවීන්ට යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට හැකි පරිසරය සකස් කර දීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

(colombotimes.lk)