02 July 2025

logo

මහ සිකුරාදා දිනය අදයි



ලොව පුරා කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ උතුම් වූ යාගය සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදට (18) යෙදී තිබෙනවා.

ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවන් අළු බදාදායින් ආරම්භ කළ දින 40ක කාලය පුරා නිරාහාරශීලය, කිතු සමිදාණන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතරවීමද සිදු වුණා.

එමෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදීම අද සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළඹෙන ඉරිදාට යෙදී තිබෙනවා.

(colombotimes.lk)