19 April 2025


පෞද්ගලික අංශයේ සේවකයන්ටත් සුබ ආරංචියක්



මසකට රුපියල් 21,000ක් ලෙස පැවති පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප අයවැය යෝජනා අනුව මේ වසරේ සිට මසකට රුපියල් 27,000 දක්වා වැඩි කරන බව කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ ජාතික අවම දෛනික වැටුපද රුපියල් 700 සිට 1080 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

පෞද්ගලික අංශයේ සේවකන් සඳහා ලබාදී ඇති රු.21,000ක අවම වැටුප ජාතික සේවක අවම වැටුප් (සංශෝධන) පනතේ විධිවිධාන යටතේ ලබාදී ඇති රු. 17,500, 2005 අංක 36 දරන සේවක අයවැය සහන දීමනා පනත යටතේ රු. 1000 සහ 2016 අංක 4 දරන සේවක අයවැය සහන දීමනා පනත යටතේ රු. 2,500ක එකතුවක් බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය  පහතින්,




(colombotimes.lk)