04 November 2025

logo

GovPay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පසුකරයි



මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දුන් ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන 'GovPay' හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. 

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට රාජ්‍ය ආයතන 200ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව ඇති බවයි.
 
රාජ්‍ය සේවාවන්වල ආරක්ෂිත සහ මාර්ගගත ගෙවීම් කටයුතු සඳහා 'GovPay'ඩිජිටල් ගෙවීම් පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය සහ ලංකා පේ එක්ව හඳුන්වාදී තිබෙනවා. 

බදු, දඩ ඇතුළු විවිධ රජයට අදාළ ගනුදෙනු වේගවත් පහසු සහ මුදල් රහිතව සිදු කිරීමේ අරමුණින් මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වා දුන් අතර ඊයේ (03) දිනය වන විට මෙමඟින් ගනුදෙනු 40,920ක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම වැඩසටහනේ මීළඟ අදියර ලෙස රාජ්‍ය ආයතන දහසක් එක්කර ගැනීම සහ රුපියල් ට්‍රිලියනයක ගෙවීම් සීමා පසු කිරීම අරමුණ වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.

(colombotimes.lk)