ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල්වරයා වශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එන්. කේ. යූ. රෝහණ පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරමින්.
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල් වශයෙන් කටයුතු කළ වයි. ජී. ඥානතිලක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබාගත් අතර ඒ අනුව පුරප්පාඩු වූ එම තනතුරට ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ ජ්‍යෙෂ්ඨතම අතිරේක සර්වේයර් ජනරාල් වන එන්. කේ. යූ. රෝහණ මෙලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)