02 May 2026

logo

ලොව වයස්ගතම සුනඛයා සැක කළ පිරිසට සැර පිළිතුරක්



පසුගිය වසරේ මියගිය ලොව වයස්ගතම සුනඛයා ලෙස නම් කෙරුණු බොබීගේ වයස සම්බන්ධයෙන් පශු වෛද්‍යවරුන්ගේ පැමිණිලි කර තිබෙනවා.

මෙම පැමිණිලි සඳහා ගිනස් ලෝක වාර්තා ආයතනය විසින් පිළිතුරු ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන් සඳහන් කර ඇත්තේ, බොබී මධ්‍යම පෘතුගාලයේ ගමක ජීවත් වූ සුනඛයෙක් බවයි.

එමෙන්ම බොබී පසුගිය වසරේ මියගොස් ඇති අතර මියයන විට සුනඛයාගේ වයස අවුරුදු අවුරුදු 31යි දින 165ක් බව සඳහන්.

මීට පෙර මෙම වාර්තාව හිමිකරගෙන තිබුණේ ඕස්ට්‍රේලියානු ගවයන් බලා ගන්නා සුනඛයෙකු වන අතර ඔහු වයස අවුරුදු 29යි මාස 5ක් ජීවත් වී තිබුණා.
(colombotimes.lk)