01 July 2025

logo

හමාස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජීවිතක්ෂයට



ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කණු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හමාස් සංවිධානය විසින් මෙහෙය වන අල් අක්සා රූපවාහීනී මාධ්‍ය ඔස්සේ අබ්දුල් ලතීෆ් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
 
උතුරු ගාසා තීරයේ ඔහු රැඳී සිටි කූඩාරම ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී තවත් කිහිපදෙනෙක් ද  තුවාල ලබා ඇති බවයි.

(colombotimes.lk)