23 March 2025


හමාස් සංවිධානයෙන් ඊශ්‍රායල අගනුවරට රොකට් ප්‍රහාර



ඊශ්‍රායලයේ ටෙල් අවීව් අගනුවර ඉලක්ක කර ගනිමින් හමාස් සංවිධානය විසින් රොකට් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට පළමුව ප්‍රහාර එල්ල කර ඇත්තේ සටන් විරාම ගිවිසුම කඩකරමින් පසුගිය අඟහරුවාදා සිට ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමෙන් පසුවයි.
 
හමාස් ප්‍රහාරයන්ගෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බව ඊශ්‍රායලය නිවේදනය කළා.

ඊශ්‍රායලය වැඩිදුරටත් සඳහන් කළේ ඊජිප්තු දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති රෆා ප්‍රදේශය තුළ පාබල යුද මෙහෙයුම් ආරම්භ කළ බවයි.

ත්‍රස්තවාදීන්ට අයත් සියලු යටිතල පහසුකම් විනාශ කිරීමට තම භටයන් කටයුතු කරන බවද ඊශ්‍රායලය පවසනවා.

(colombotimes.lk)