04 July 2025

logo

හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙක් ජීවිතක්ෂයට



ගාසා තීරයේ  දකුණු දිග ඛාන් යුනිස් නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙක් සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය පැය 24 තුළදී පමණක් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 32දෙනෙක් මිය ගොස් ඇති බවයි.

මේ අතර ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලට වගකිව යුතු බවට හමාස් සංවිධානය එල්ල කරන චෝදනා ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

(colombotimes.lk)