13 July 2025

logo

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අවදානයෙන් ඉන්න ලෙස දැනුම්දෙයි



ඉදිරි දිනවලදී ඊශ්‍රායලයේ නාගරික කලාප වෙත එල්ල විය හැකි ප්‍රහාර පිළිබදව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අවධානය යොමු කළ යුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා. 
 
ඔහු සදහන් කළේ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම දක්වා ඉරාන බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායලයේ නාගරික ප්‍රදේශවලට එල්ල වූ බවයි. 
 
එමෙන්ම හයිෆා නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පැරණිතම මුස්ලිම් පල්ලියකටද ප්‍රහාර එල්ල වූ බව ඔහු සදහන් කළා.

(colombotimes.lk)