ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ඉරානයේ ඉන්දීය තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන් ඉවත් කිරීමේ කටයුතු සඳහා සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉරානයේ ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනය කළේ නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ඉරානයේ ඉන්දීය තානාපති කාර්යාලය ඇමතීමෙන් එම සහය ලබා ගත හැකි බවයි.
ඒ සඳහා හඳුන්වා දුන් දුරකථන අංක පහතින්,
+989010144557
+989128109115
+989128109109
(colombotimes.lk)