අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට අදාළ මූල්‍ය ගැටලු විසඳීමට තම අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අනාවරණය කළා.
ඒ, අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
ඒ අනුව ඔහු සඳහන් කළේ, මේ වනවිට ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයට ප්‍රධාන කරුණු දෙකක් පවතින බවයි.
1) ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ ගැටලුවක් පැවතීම.
2) ඇතැම් අධිකරණ තීන්දු අමාත්‍යාංශයේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපාන බව.
පළමු ගැටලුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ අදහස් පළකලා.
(colombotimes.lk)