22 June 2026

logo

සෞඛ්‍ය අංශයෙන් ඩෙංගු ගැන නැවතත් අනතුරු ඇඟවීමක්



ගෙවුණු පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 681දෙනෙක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
 
එහි වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ තවදුරටත් වැඩිම ඩෙංගු ව්‍යාප්තියක් මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වන බවයි.

එමෙන්ම ඊට අමතරව මාතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සහ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රීතව ද ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)