22 June 2026

logo

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනක් කොටුවෙයි



අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ බැංකු ගිණුම්වලට මුදල් බැර කරවා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙක් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව, කට්ටුව ප්‍රදේශයේදීයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29 සහ 31 යන වයස්වල පසුවන ගල්කිස්ස සහ උඩුගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බව පොලීසිය සඳහන් කළා. 

සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 34ක්, අයිස් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 420ක් සහ හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 860ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 351,200ක මුදලක් සහ ජාවාරම සඳහා යොදාගත් මෝටර් රථ 02ක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

(colombotimes.lk)