22 June 2026

logo

කොළඹ අවට මාර්ග රැසක රථවාහන තදබදයක්



කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. 

ඒ මේ වන විට දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන්. 

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ රථවාහන ගමනාගමනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

එමෙන්ම පවතින වර්ෂාපතනය හේතුවෙන් අද (22) උදෑසන කොළඹ නගරය ආශ්‍රිත මාර්ග රැසක රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙන බවද පොලීසිය සඳහන් කළා.

(colombotimes.lk)