21 June 2026

logo

මෙරට රෝහල් පද්ධතියට අධි තාක්ෂණික CT ස්කෑන් යන්ත්‍ර 11ක්



මෙරට රෝහල් පද්ධතියට රුපියල් මිලියන 1950ක වියදමකින් යුත් අධි තාක්ෂණික නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11 ක් හිමිව ඇති බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ආඝාත, පිළිකා, හෘද ඇතුළු රෝග විනිශ්චය සඳහා මෙම ස්කෑන් යන්ත්‍ර වැදගත් වන බවයි.

ඒ අනුව මේ වන විට කළුතර සහ කුරුණෑගල යන රෝහල් සඳහා නවීනතම CT ස්කෑන් යන්ත්‍ර සවිකර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)