22 June 2026

logo

ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළී අනතුරක්



මාපාකඩ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව වියානා ඇලට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ මහියංගනය, මාපාකඩ මාර්ගයේ දියබාන ප්‍රදේශයේදීයි. 
 
එම අනතුරෙන් ට්‍රැක්ටර් රථ රියදුරු දියේ ගිලී අතුරුදන් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළා. 

අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන ටිට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)